බෑන්ලියස් කැරැල්ලේ දස වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද ජාත්‍යන්තර හමුවේ සාර්ථකත්වය

බ්ලොක් රූජ් (මාඕවාදී එක්සත්කම) සහ මාඕවාදී ඉතාලි කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හමුව නොවැම්බර් 21, සෙනසුරාදා දින පවත්වන ලදි: ‘‘බෑන්ලියස් කැරැල්ලේ සිට නිර්ධන පංති විප්ලවය දක්වා!’’ බෑන්ලියස් කැරැල්ලේ දස වන සංවත්සරය අවුබවිලියස් වල පැවැත්වුණ අතර කැරැල්ල ඇරඹුනේ 2005 නොවැම්බර් හි දීය. මේ රැස්වීම අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වන ලදි.

පළමුවෙන්ම, මේ රැස්වීම සිදු නොවන තැනට වැඩ සැලසීමට පොලිස් පීඩනය යෙදිණි, මෙය අවුබවිලියර්ස් හි දී අපේ සහෝදරවරුන්ට හිංසා පීඩා කිරීමෙන් ක‍්‍රියාත්මක කෙරිණි. නොවැම්බර් 13 කෲර ඝාතනයෙන් පසු රජය හදිසි නීතිය පැනවීමෙන් පසු තත්ත්වය තවත් දුෂ්කර විය. ඒ වන විටත් නියම ස්ථානය දැනුම් දී තිබියදී ත් (සිය ගණන් පෝස්ටර් ඇලවිණි, දහස් ගණන් අත් පත‍්‍රිකා බෙදා හැරිණි) ස්ථානය වෙනස් කිරීමට අපට බල කෙරිණි.

මෙ සියල්ලටම රැස්වීම වැළැක්වීමට නොහැකි විය, එය සාර්ථකව අවසන් විය! ස්ථානය වෙනස් කොට තිබිය දී පවා, නව ශාලාව පිරී තිබුණි, අනෙකුත් රටවල්වල සහෝදරවරුන් විසින් එවන ලද සියළු ප‍්‍රකාශන කියවන ලදි. සියළුම ප‍්‍රකාශන සහ පණිවිඩ එකට එක් කොට පොත් පිංචක් ලෙස ප‍්‍රංශ, ඉතාලි සහ ඉංග‍්‍රීසි යන භාෂා වලින් පළ කෙරෙනු ඇත.

සමාප්තියෙදී යොමු වුනේ මේ රැස්වීම හුදෙක් සිදුවීමක් නොව, ඊට ප‍්‍රතිලෝමව දිගින් දිගටම ගෙන යා යුතු සහ විස්තීර්ණ කළ යුතු ක‍්‍රියාවලියක් වශයෙනි. අධිරාජ්‍යවාදී රටවල මහජන යුද්ධය පිළිබඳ ප‍්‍රශ්නයේ දී දිළිඳු නගරාන්ත ප‍්‍රදේශ තුළට තවදුරටත් ඇතුල් විය යුතු බව මෙහිදී සටහන් කෙරුණි.

බ්ලොක් රූජ් (මාඕවාදී එක්සත්කම)

බෑන්ලියස් කැරැල්ලේ දස වන සංවත්සරය සඳහා පවත්වන ලැබූ ජාත්‍යන්තර රැස්වීමෙහි සාර්ථකත්වය

රාජ්‍ය හදිසි නීතිය යටතේ, පැරීසියේ දී, යුරෝපයේ විවිධ රටවලින් පැමිණි මාඕවාදීහු සහ අධිරාජ්‍යවාදීන් විසින් පීඩාවට පත් කෙරෙන රටවල් වල පක්ෂ සහ සංවිධාන වල සහයෝගය ඇතිව සහ අනෙකුත් අධිරාජ්‍ය විරෝධී බලවේග වල පැමිණීමෙන්, කොවැම්බර් 15 ඩයිච් හි ප‍්‍රතිගාමී ප‍්‍රහාරය නිසා ඇති වූ තත්ත්වයට අභියෝග කරමින් විප්ලවීය රැස්වීමක් පවත්වන ලදි.

සටන්කාමී සහ කලහකාරී පසුබිමක් තුළ, 2005 වසරේ බෑන්ලියස් හිදී තරුණ ජනයා සහ නිර්ධනීන් කැරලි ගැසීම ආචාරයට ලක් කෙරුණු අතර එහි ඓතිහාසික වැදගත්කම නැවත ව්‍යාප්ත කෙරුණි, විශ්ලේෂණය ට ලක් කෙරුණි.

මාඕවාදීහු මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධ වලට සහ, ප‍්‍රංශයේ සහ අනෙකුත් රටවල්වල රාජ්‍ය හදිසි නීති වලට විරුද්ධ වන අතර ඔවුහු පැරීසියේ බෑන්ලියස් පොදු ජන අරගලයේ දී ද තරුණයන්ගේ පැත්ත ගන්නා බව උස් හඬින් කිව යුතුය.

සහභාගි වූ බලවේග, අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ යුද්ධ සමග සටන් කිරීමේ දී සිය වගකීම් ගැනීමට සූදානම් බවත්, සියළු අධිරාජ්‍ය විරෝධී මහජන අරගලවලට සහය දෙන බවත් මහජන යුද්ධයේ විශ්වනීයත්වය තරයේ ප‍්‍රකාශ කරන බවත් සඳහන් කළහ.

රැස්වීමේ සියළු කථා ඇතුළත් පොත් පිංච, සියළු විප්ලවවාදීන්, අධිරාජ්‍ය-විරෝධීන්, කොමියුනිස්ට් සහ මාඕවාදී බලවේග වලට සිය විප්ලවීය භාවිතාවත් සමග දිගටම සාකච්ඡාවක් ගෙන යාමට ඉඩ හැරිය යුතු බැවින් ඉදිරි සති වලදී ඉංග‍්‍රීසි, ප‍්‍රංශ සහ ඉතාලි බසින් පළ කෙරෙනු ඇත.

තොරතුරු සැපයීම – මාඕවාදී තොමියුනිස්ට් පක්ෂය ඉතාලිය

නොවැම්බර් 2015

Source: http://drapeaurouge.over-blog.com/2015/12/success-of-the-international-meeting-for-the-10th-anniversary-of-the-revolt-of-the-banlieues.html

Translation: https://liberationbase.wordpress.com/2015/12/06/success-of-international-meeting-banlieus-nov-21/