ජාක්හෑන්ඩ්හි මාඕවාදී ප‍්‍රහාරයකින් ජවාන්ස් භටයින් 26ක් තුවාල ලබයි

පොලිස් වසමේ රායි සින්ද්‍රි වල පුපුරවා හැරිය අයිඊඞී උපකරණයකින් ප‍්‍රාන්ත පොලීසියේ සහ මධ්‍යම පොලීසියේ ආරක්ෂක භටයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් ගුවන් මගින් රන්චිවල පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුල් කොට තිබේ. 209 වන කෝබ‍්‍රා බැටෑලියනයේ පුද්ගලයින් 24 දෙනෙකු, මාඕවාදීන්ට එරෙහි මෙහෙයුම්වල විශේෂඥ සීආර්පීඑෆ් කණ්ඩායමේ භටයෙකු සහ ජාක්හෑන්ඩ් ජගුවර්, ප‍්‍රාන්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයෙකු තුවාල ලබා ඇත.

නිළ වාර්තා අනුව එහිදී මාඕවාදීන් සමග ඍජු ගැටුමක් ඇතිවී නොතිබිණි. ප‍්‍රහාරයෙන් පසුව මාඕවාදීහු පලා ගොස් ඇත. බල ඇණි විසින් මේ වන විට ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. සන්ධ්‍යාව වන විට පුද්ගලයින් 11 දෙනෙක් රෝහලෙන් ඉවත්ව ගොස් ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

Source: https://www.hindustantimes.com/india-news/maoist-attack-in-jharkhand-leaves-26-jawans-injured/story-FShUnroD47yAJo8Yggmb1K.html

Translation: https://liberationbase.wordpress.com/2019/06/03/maoist-attack-in-jharkhand-leaves-26-jawans-injured/