ඉන්දියාව: ඔඩිෂා හි සාර්ථක හර්තාලයක්… මහජන යුද්ධය ඉදිරියට…

ඉන්දියානු ප‍්‍රවෘත්ති ඒජන්සි වලට අනුව, ඉන්දියාවේ තහනම් පක්ෂයක් වන මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හර්තාලයක් සහ වැඩ වර්ජනයක් සංවිධානය කොට තිබේ. එය ඔඩිෂා ප‍්‍රාන්තයේ දිස්ත‍්‍රික්ක 5 ක් මේ වන විට අඩපණ කොට ඇත.

හර්තාලය පවත්වන්නට හේතු වූයේ කුන්දුලි ප‍්‍රදේශයේ බාල වයස්කාර දැරියක් සමූහ දුෂණයට ලක් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මහානදී ප‍්‍රදේශයේ ආදිවාසී කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වා විසඳුමක් ලබා දෙන ලෙස බල කරමිනි. වාර්තා වලට අනුව දිස්ත‍්‍රික්ක 5 ක වාහන ගමනාගමනය අත්හිටවා ඇත.

එසේම මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු විසින් ප‍්‍රතිවිප්ලවවාදියෙකු ලෙස හඳුනාගැනුණු මොහාන් මජ්ජි නැමැත්තා ඔක්තෝම්බර් 21 වන දින කන්ධමාල් සහ කලහන්දි දිස්ත‍්‍රික්ක සීමාවේ පිහිටි ලහිදි ගම්මානයේදී මරා දැමුණු බව ඔඩිසා රූපවාහිනිය වාර්තා කළහ.

තවද ඔක්තෝම්බර් 20 වන දින මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ගරිල්ලා කොලමයක් විසින් දතේවාද හි, කමලූර් දුම්රිය ස්ථානය ආසන්නව තිබුණු දුම්රිය සැපයුම් සහ ඉදිකිරීම් යන්ත‍්‍ර විනාශ කර දැමුණි.

Translation: https://liberationbase.wordpress.com/2017/10/24/successful-bandh-in-odisha-2017-10-24/