ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය 2019 මැයි 1 – ජාත්‍යන්තරවාදී රතු මැයි දිනයක් සඳහා!

ලෝකයේ නිර්ධනයිනි, පීඩිතයිනි සමගිවව්!

ගැඹුරු අර්බුදයක් හරහා අධිරාජ්‍යවාදී ක‍්‍රමය ගමන් කරමින් තිබේ. එය තුලනය කර ගැනීමට අධිරාජ්‍යවාදීන් සහ ප‍්‍රතිගාමීන් වර්තමානයේ දරන ප‍්‍රයත්නය අසාර්ථක එකක් වේ. එම අර්බුදය ගැඹුරු වෙමින් සහ පුළුල් වෙමින් තිබේ.

මූල්‍ය ක්ෂේත‍්‍රයේ හටගත් අර්බුදය, නිෂ්පාදන ක්ෂේත‍්‍රයට බලපා ඇති බැවින් එහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට නව පසුබැස්මක් ඇති කොට ඇත. ගෝලීය අන්තර්-අධිරාජ්‍යවාදී අර්බුද සහ ප‍්‍රතිවිරෝධතාවයන් තියුණු වෙමින් පවතී. මේ නව අර්බුද වෙළඳ යුද්ධ ලෙස ඇරඹෙමින්, දේශපාලන-යුධමය භූ-උපායික ප‍්‍රතිවිරෝධයන් බවට හරවමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරන රටවල්වල ආක‍්‍රමණකාරී, අත්කරගැනීමේ සහ එදිරිවාදී යුද්ධ පුළුල් වෙමින් ලෝකය නැවත බෙදීම සඳහා අධිරාජ්‍යවාදීන් අතර නව ලෝක යුද්ධයක ප‍්‍රවණතාවය වර්ධනය වෙමින් තිබේ.

අධිරාජ්‍යවාදී අර්බුද ගැඹුරු වීම සහ පුලූල් වීමෙහි අරුත වන්නේ නිර්ධන පංතිය සහ ජනතාව මතට අධිරාජ්‍යවාදීන් සහ ප‍්‍රතිගාමීන් විසින් සිය බර මුදා හරින බවයි. එහි අදහස ධනය කේන්ද්‍රගත වුණු අතලොස්සක් අධිරාජ්‍යවාදී රටවල් අතර සහ මානව සංහතියේ දරිද්‍රතාවයෙන් පෙලෙන හතරෙන් තුනක් වෙසෙන අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කරන රටවල් සහ ඒ එක් එක් රටවල පාලක පංතිය සහ නිර්ධනීන්, ගොවියන් සූරාකෑමට ලක්වෙන ජනතාව අතර පරතරය වැඩි වෙන බවයි. ලෝකයේ පීඩිත ජාතීන් සහ ජනතාව හා අධිරාජ්‍යවාදය අතර ප‍්‍රතිවිරෝධතාවයන් සහ අධිරාජ්‍යවාදී ධනවාදය සහ අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සහ ජනතාව අතර ප‍්‍රතිවිරෝධතාවයන් තියුණු වීමට හේතු ඇති වී තිබේ.
අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්ති ක‍්‍රමය මත ගැටුමක් ඇති කරමින් සහ අවුස්සමින් අනර්ථකාරී පාරිසරික සහ ස්වභාවික ව්‍යසනයන් වඩ වඩාත් ජනිත කරයි.

අධිරාජ්‍යවාදී රටවල් තුළ ෆැසිස්ට්වාදයට සහ විවෘත ආඥදායකත්වයට ඇති නැඹුරුව වර්ධනය වේ.

හැමවිටම ප‍්‍රතිගාමී සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට දාසකම් කරන, ජාතියේ නාමයෙන් මිත්‍යාව වපුරන, ජනප‍්‍රිය සහ අධිරාජ්‍ය-විරෝධී පාලක රජයන් තිබෙන, අධිරාජ්‍යවාදයේ පීඩාවට ලක් වූ පාලක රෙජීමයන් බිඳවැටෙමින් තිබේ, නැතිනම් විවෘත ෆැසිස්ට්වාදී ආඥදායකත්වයක් සමග මිලිටරි චරිත ඉදිරියට පැමිණෙමින් තිබේ.

අධිරාජ්‍යවාදය යනු දුක්ඛිතබව, ප‍්‍රතිගාමීබව සහ යුද්ධයයි. අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ පාලනයත් සමග සංවර්ධනය, ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය, සෞඛ්‍ය සහ පරිසරයේ සුරක්ෂිතබව ඊට පරස්පර ලෙස පිරිහෙයි.

මේ ක‍්‍රමයට සහ එහි අර්බුද වලට එරෙහිව නිර්ධනීන් සහ ජනතාව අධිරාජ්‍යවාදී රටවල සහ අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරන රටවල් වල කැරලි ගසමින් සිටී. පංති අරගලය, ජාතික විමුක්ති අරගලය, මහජන යුද්දය සඳහා වන වාස්තවික තත්ත්වය වඩාත් තියුණු වෙමින් පවතී.
මනෝමූලික මට්ටමේදී, උපාය, උපක‍්‍රම සහ සංවිධානයන් සංවර්ධනය කිරීමේදී තවම පසුගාමී තත්ත්වයක සිටින නිර්ධනීන් සහ ඔවුන්ගේ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී සංවිධාන අධිරාජ්‍යවාදී රටවල සහ අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරන රටවල ඉස්මතුවී ඇති මනෝමූලික තත්ත්වයට අභියෝග කිරීමට අසමත් වෙයි.

සමස්ත ලෝකයේම පාලක පංතිය, සිය බලය සහ සිය සැලසුම් ආරක්ෂා කර ගැනීමට මෙන්ම වර්ධනය වන මහජනතාවගේ අසහනය සහ විරෝධය වෙනතකට හැරවීමට ෆැසිස්ට්වාදය සමග සමීප සම්බන්ධතා පැවැත්වීම වැඩිවෙමින් තිබේ.

අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කරන රටවල්වල ජනතාවගේ කැරලි එක් හෝ තවත් මහ ධනේශ්වර, සුළු ධනේශ්වර සහ මධ්‍යම පන්තික, හෝ වැඩවසම් බලවේගවලට පවා නැතිනම් තවත් අධිරාජ්‍යවාදී කණ්ඩායමකට බැඳී පවතී. මේ විධියෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජවාදය දිනාගැනීමට අව්‍යාජ විප්ලවීය අරගලයක් සොයා ගත නොහැකිය.

ප‍්‍රංශය වැනි, ජනතා අරගල වර්ධනය වෙමින් තිබෙන, අධිරාජ්‍යවාදී රටවල්තුළ පවා, ෆැසිස්ට්වාදී-ජනතාවාදී සට කපට ජන නායකත්වය මතු වෙමින්, අධිරාජ්‍යවාදය නිසා බිහිවී ඇති විශාල සංක‍්‍රමණික රැල්ල භාවිතා කරමින් ජනතාවගේ කෝපය ආධිපත්‍ය දරන පාලක ධනේශ්වර පංතියෙන් ඉවතට ගෙන සංක‍්‍රමණිකයින් වෙත එල්ල කරමින්, දිළින්ඳන් අතරම යුද්ධයක් අවුස්සනු ලැබේ.

මේ ජාතික සහ ලෝක තත්ත්වය තළ කොමියුනිස්ට්වාදීන්ගේ, විප්ලවවාදීන්ගේ සහ ප‍්‍රගතිශීලී බලවේගවල කාර්යභාරය අතිවිශාල එකක් වේ.
වැටුප් වහල් ක‍්‍රමය, සූරාකෑම, පීඩනය, ආධිපත්‍යය, දුක්ඛිතබව, පරිහානිය, විනාශය, අර්බුද සහ අද දින ධනවාදය විසින් බිහි කරන යුද්ධ වලට ඇති එකම විකල්පය වන්නේ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යන පරම සත්‍ය බිඳ හෙලිය නොහැකි ලෙස තහවුරු වී ඇත.

ජනතාව අතර මුල් බැස ගැනීම සඳහා, කම්කරු පන්තියේ පක්ෂ ඉදිකිරීමට සහ සංවිධානය කිරීමට; මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය මත පදනම්ව නිර්ධන පංතියේ මතවාදී සහ දේශපාලන ස්වාධීනත්වය වෙනුවෙන් ජනතාවගේ ශ්‍රේණි අතර දෘඩතර අරගලයක නියැලීමට; ප‍්‍රතිගාමී මූලධර්මවාදී ඉස්ලාම්වාදී කබලේ බලපෑමෙන් මෙන්ම අවශේෂ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රතිසංස්කරණවාදී බලවේගයන්ගෙන් බලපෑමෙන් ජනතාව ගලවාගෙන අරගල කරන ජනතාවගේ කොටස්වලට නායකත්වය දීමට හැකියාව ඇති, මේ පක්ෂවල නායකත්වය යටතේ මහජන සංවිධාන බිහි කිරීමට; ආර්ථිකවාදයට, නීතිවාදයට, අධිරාජ්‍යවාදී ජාත්‍යෝන්මාදයට එරෙහිව සටන් කිරීමට කටයුතු කළ යුතුය.

අභ්‍යන්තර ප‍්‍රතිගාමී යුද්ධ වලට එරෙහිව නිර්ධනීන්ගේ සහ ජනතාවගේ විරෝධතාවයන් සංවිධානය කිරීමට සහ තවද අධිරාජ්‍යවාදී යුද්ධ ඉදිරියට පැමිණෙන විට, ඒවා විප්ලවයක් කරා පරිවර්තනය කිරීමට වැදගත් පූර්ව සූදානමක් ඇති කිරීමට; රාජ්‍ය මර්ධනයට සහ ෆැසිස්ට්වාදී කණ්ඩායම්වලට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමට ජනතාවගේ යුධමය සහ සටන් වදින බලඇණි ඉදි කිරීමට; අධිරාජ්‍යවාදය, සහ එහි රාජ්‍යයන්, එහි රජයන් පෙරලා දමා නිර්ධන පංති බලයක් ඉදිකිරීමට සැබෑ විප්ලවීය අරගලයක් දෙසට මාවත හෙලි කිරීමට සහ මෙහෙයවීමට කටයුතු කළ යුතුය.

එක් එක් රට තුළ සටන් වැදිය යුතු, මේ යුද්ධය, පවත්නා ජාත්‍යන්තර සන්දර්භය තුළ, ජාත්‍යන්තර දැක්මක්, ජාත්‍යන්තර සම්බන්ධතා, නිර්ධන පංතියේ සහ පීඩිත ජනතාවගේ ජාත්‍යන්තර පරිමාණයේ පොදු සටනක් ඉල්ලා සිටියි.

නිර්ධන පංතිය ජාත්‍යන්තරවාදී පංතියකි. එය වඩාත්ම විප්ලවවාදී පංතියයි. අධිරාජ්‍යවාදී ක‍්‍රමය සහ සියළු ප‍්‍රතිගාමීත්වය විනාශ කරමින්, ලෝක සමාජවාදී විප්ලවය ජයග‍්‍රහණය තෙක් මෙහෙයවීමේ ලෝක කාර්යභාරය ඉෂ්ට කිරීමෙන් සහ එලෙස කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීමෙන්, සමස්ත මානව සංහතියේ විමුක්තිය උදාකරගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පමණක් එම පංතියට විමුක්තිය උදාකරගත හැකිවෙයි.
මේ වසර ලෙනින් විසින් පිහිටුවන ලද සහ ස්ටාලින් විසින් නායකත්වය දෙන ලද තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවා වසර සියයක් ගතවෙන වසරයි.එය ලෝක පංතියක් ලෙස නිර්ධන පංතියේ ජාත්‍යන්තර සංවිධානයේ සහ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ඉහළම ආකාරයයි.

ලෙනින් දක්වා ඇති ආකාරයට: ‘‘තුන්වන, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ යුගයකට මුල පිරූ ඓතිහාසික වැදගත්කම, එහි ආරම්භයේදීම මාක්ස්ගේ ප‍්‍රමුඛ සටන්පාඨය ක‍්‍රියාවට නැංවීම තුළ රැඳී තිබුණි, එය සමාජවාදයේ හා කම්කරු පන්ති ව්‍යාපාරයේ ශතවර්ෂ ගනන් පැරණි සංවර්ධනය සම්පිණ්ඩනය කළ සටන්පාඨය විය, එය නිර්ධන පංති ආඥදායකත්වයේ සංකල්පය ප‍්‍රකාශ කළ සටන්පාඨය විය.’’ (තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය සහ ඉතිහාසය තුළ එයට හිමි තැන 1919)

සිය ආරම්භයේ සිටම වීර වෘත්තාන්තයක් වුණු එය, ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිය වර්ධනය සහ ඵලදායී බව මගින් නිර්ධන පංතියේ සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ අති දැවැන්ත ඉදිරි පියවරක් නියෝජනය කළහ. එය ලෝකයේ සෑම අස්සක් මුල්ලකම අව්‍යාජ කොමියුනිස්ට් පක්ෂ බිහි කරමින් ඔක්තෝම්බර් විප්ලවයේ ලෝක ඓතිහාසික වැදගත්කම පුළුල් වීමට ඉඩ හළහ. එය අධිරාජ්‍යවාදී රටවල මෙන්ම අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරන රටවල නිර්ධන පංතියේ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වන උපාය සහ උපක‍්‍රම පිළිබඳ ගැටලු සමග ගනුදෙනු කොට එම ගැටලූ විසඳනු ලැබූහ. එය නාසි-ෆැසිස්ට්වාදය සහ අධිරාජ්‍යවාදී දෙවෙනි ලෝක යුද්ධය පරාජය කරන්නට සිදු කළ සුවිශාල සහ වෘත්තාන්තගත සටන තුළට ලෝකයේ ජනතාව සහ නිර්ධන පංතිය එක්සත් කරන්නට ඉඩ සැලසූහ. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ වර්ධනය වුණු සංශෝධනවාදය පහළ වීමට එරෙහිව න්‍යායික, දේශපාලනික සහ සංවිධානමය අරගලයක් සැපයූ එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය විසුරුවා හැරීමෙන් පසුව පවා, සමාජවාදය සහ නිර්ධනපංති ආඥදායකත්වය අත්හැර දැමීමට එරෙහිව සහ ධනේශ්වර රාජ්‍ය ප‍්‍රචණ්ඩකාරී ලෙස බිඳහෙලීමේ විප්ලවයේ මාවත අත්හැර දැමීමට එරෙහිව ඓතිහාසික, න්‍යායික සහ දේශපාලනික උරුමයක් සැපයූහ.
මාඕ සේතුං මෙසේ ප‍්‍රකාශ කළහ: ‘‘එය පැවති සමස්ත කාලය තුළ සෑම රටකම සැබෑ විප්ලවවාදී කම්කරු පක්ෂයක් සංවිධානය කරන්නට උදව් කරමින් ශ්‍රේෂ්ඨතම සේවාව ලබා දුන්හ. තවද එය ෆැසිස්ට්-විරෝධී යුද්ධය සංවිධානය කිරීමේ ශේෂ්ඨ කර්තව්‍යට අතිවිශාල දායකත්වයක් ලබා දුන්හ.’’ (කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරුන්ට කළ කථාව, 1943, මැයි 26).

මාඕ සේතුං එය පිළිබඳව සහ එහි වැරදි අඩුපාඩු පිළිබඳවද, එසේම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ සමාජවාදය ඉදි කිරීම පිළිබඳවද තීරණාත්මක සමාලෝචනයක් ද සංවර්ධනය කළහ. තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස 70 දශකයේ දැවැන්ත කැරලි රැල්ලකට ආශ්වාදය ලබා දුන්, ශ්‍රේෂ්ට නිර්ධන පංති සංස්කෘතික විප්ලවය දක්වා ඔසවා තැබූහ.

ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ සහ කොමියුනිස්ට් මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී ව්‍යාපාර වල සැබෑ ඉදිරිගමනක් ලබා ගැනීමේ, අරමුණට හානි කරන දෙවෙනි සතුරෙකු වන ‘වාමාංශික’ අවස්ථාවාදය, පොතේගුරුවාදය සහ සුළු ධනේ්ශවර විප්ලවවාදය මෙන්ම යටත්වීම්වාදයට මං සලසන දක්ෂිනාංශික සංශෝධනවාදී-අවස්ථාවාදයේ බලපෑමෙන් සක‍්‍රීය මතවාදී අරගලය සහ ද්වි-දර්ශනීය අරගලය නිදහස් කර ගැනීමට මේ ඓතිහාසික උරුමය උකහා ගැනීම වෙන කවරදාකටත් වඩා අවශ්‍ය කොට තිබේ.

මේ මැයි දිනයේදී, අව්‍යාජ මාක්ස්-ලෙනින්-මාඕවාදී පක්ෂවල ආමන්ත‍්‍රණය මෙයයි:
-ලෝක නිර්ධන පංති විප්ලවය සංවර්ධනය කිරීමට මහජන යුද්ධයේ මාවත වෙනුවෙන්, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂවල සමගියක් ඇති කර ගැනීම. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජවාදී විප්ලව සංවර්ධනය කිරීම වෙනුවෙන්, නිර්ධන පංතියේ සහ ජනතාවගේ ඍජු අත්දැකීම් තුළින් පංති අරගලයට නායකත්වය දීමට හැකි නිර්ධන පංති පක්ෂ ඉදි කිරීමේදී ඉදිරියේදී මතුවන පොදු පියවරයන් තුලදී අන්‍යෝන්‍ය උපකාරය සහ සහයෝගය වෙනුවෙන් සමගියක් ඇති කර ගැනීම.

-අධිරාජ්‍යවාදී රටවල්වල සහ අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරන රටවල්වල මූලික ක්ෂේත‍්‍ර වල ඒකීය ක‍්‍රියාකාරිත්වයක් ඇති කර ගැනීම: වෙනස් අවධිවලට සංවර්ධනය වී ඇති විවිධ රටවල මහජන යුද්ධවලට සහය දැක්වීම – ඉන්දියාව, පිලිපීනය සහ පේරුව, තුර්කිය ඇතුලූ අනෙක් රටවල්; ලෝකයේ දේශපාලන සහ යුධ සිරකරුවන් ආරක්ෂා කරගැනීම සහ නිදහස් කර ගැනීම; ෆැසිස්ට්-විරෝධී සහ අධිරාජ්‍ය-විරෝධී පෙරමුණු සංවර්ධනය කිරීම; පංතිමය වෘත්ති සමිති සංවිධාන වල සමගිය ඇති කර ගැනීම; කාන්තා අරගලය සහ නිර්ධනපංති ස්ත‍්‍රීවාදී විප්ලවීය සංවිධාන සංවර්ධනය කිරීම.

මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට, මේ ගැන වූ මතවාදී දේශපාලනික කාරණා පිළිබඳව සෑහෙන සාකච්ඡාවන් සහ රැස්වීම් සමග, අද අපට මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂවල සහ සංවිධානවල මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී ඒකාබද්ධ ජාත්‍යන්තරවාදී සම්මේලනයක් අවශ්‍ය කොට තිබේ.

තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සියවෙනි සංවත්සරය යෙදී තිබෙන මේ වසරේ, මේ ජාත්‍යන්තර සම්මේලනය කරා ළඟා වීමට ප‍්‍රාරම්භක රැස්වීමක් සංවිධානය කරමු.

ලෝකයේ සෑම තැනකම අධිරාජ්‍යවාදය සමග සටන් වදින්න

ජනතා විමුක්ති අරගල වලට සහය දෙන්න, අධිරාජ්‍යවාදී රටවල පංති අරගලය තීව‍්‍ර කරන්න

සෑම ක්ෂේත‍්‍රයකම ෆැසිස්ට්වාදී බලවේගවල ඉදිරිගමන නවත්වන්න

එක් එක් රටවල විශේෂිත තත්ත්වයන්ට අනුව, ප‍්‍රතිසංස්කරණවාදී සහ ජනතාවාදී පාර්ලිමේන්තු මාවතට එරෙහිව සටන් කරන්න

ජනතාව සමග සමීප බැඳීමක් සහිතව පංති අරගලයේ ගිනි දළු මධ්‍යයේ කොමියුනිස්ට් පක්ෂ ඉදි කරන්න

ඒ ඒ රටවල තත්ත්වයන්ට අනුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට සහ සමාජවාදී විප්ලවයට ඇති මාවත වන මහජන යුද්ධයේ මාවත ස්ථාපනය කරන්න

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ අමරණීය උපාය සහ උපක‍්‍රමික පාඩම් සහ එහි ශත සංවත්සරය දිගුකල් දිනේවා!

මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය දිගුකල් දිනේවා!

අත්සන් කළ පක්ෂ සහ සංවිධාන:

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය
එල්ඛදෙහින් පක්ෂය – ටියුනීසියාව
කම්කරු හඬ – මලයාසියාව
කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) – කොලොම්බියාව
තුර්කි කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී-ලෙනින්වාදී
නව කොමියුනිස්ට් පක්ෂය – ටියුනීසියාව (ඉදිකෙරෙමින් පවතී)
නේපාල කොමියුනිස්ට් පක්ෂය (විප්ලවීය මාඕවාදී)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය, බි‍්‍රතාන්‍ය රාජ්‍ය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව, ස්පාඤ්ඤ රාජ්‍යය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ප‍්‍රංශය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මනිපූර්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව
රතු තරුණයෝ – ජර්මනිය
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයය – කැනඩාව