2018 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

‘‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!’’
– කාල් මාක්ස්

2018 මැයි 1 වන දා – කාල් මාක්ස් ගේ 200 වන උපන් දින සැමරුම ත්, මාක්ස් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනයේ පළමු නිකුතුව සිදුකොට 170 වෙනි සංවත්සරය ත් යෙදී ඇත. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය වූ කලී ඊයේ, අද සහ හෙට නිර්ධනීන්ට සහ කොමියුනිස්ට්වාදීන් ට සජීවී ආයුධයක් ලෙසින්, ඔවුන්ගේ වලංගුභාවය සහ බලය සහතික කර ගැනීමට ලබා දෙන ලද ශ්‍රේෂ්ඨ ආයුධයක් වන්නාහ.

‘‘සෑම සමාජයක ම ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසයයි.’’

‘‘සමස්ත සමාජය ම ප‍්‍රධාන සතුරු කඳවුරු දෙකකට නොහොත් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ පංති දෙකකට කෙලින්ම බෙදී ඇත: එය ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය යි’’.

‘‘නවීන රාජ්‍යයේ දේශපාලන බලය වූ කලී සමස්ත ධනේශ්වර පංතියේම පොදු කටයුතු පරිපාලනය කරන කමිටුවකි.’’

ප‍්‍රකාශනයේ ලියා ඇති පරිදි – මේ ක‍්‍රමය අඛණ්ඩව අර්බුද නිර්මාණය කරයි. මේ අර්බුද වූ කලී අධිනිෂ්පාදනයේ අර්බුදයි. ‘‘ධනේශ්වර සම්බන්ධතාවයන් පටු වෙමින් නිෂ්පාදනය සීමා කරයි.’’

‘‘ධනේශ්වර පංතිය අර්බුද මැඩපැවැත්වීම සිදු කරන්නේ කෙසේද? ‘‘එක් අතකින් නිෂ්පාදන බලවේගයන්හි විශාල ප‍්‍රමාණයක් බලහත්කාරී ලෙස විනාශ කර දැමීමෙනි. එසේත් නැතිනම් නව වෙළඳ පොලවල් දිනා ගැනීමෙන් සහ දැනටමත් පවතින සූරා කෑම වඩාත් තීව‍්‍ර කිරීමෙනි’’.

නමුත් මෙය මගින් සිදු කරන්නේ නව සහ වඩාත් දරුණු අර්බුද නිර්මාණය කිරීම පමණකි.

නමුත් ධනේශ්වර පංතිය ඔවුන්ගේම මරණයේ අවි නිෂ්පාදනය කරනවා පමණක්ම නොව එම අවි ඔවුන්ට විරුද්ධව භාවිතා කළ හැකි මිනිසුන්ද බිහි කරයි.

‘‘මේ මිනිස්සු – ප‍්‍රකාශනයේ ලියන පරිදි – නූතන කම්කරුවා, එනම් නිර්ධන පංතිය, ඔවුන්ට කරන්නට වැඩ ලැබෙන තෙක් ජීවත්වන අතර ඔවුන්ගේ වැඩවලින් ප‍්‍රාග්ධනය වැඩි කළ හැකිතාක් ඔවුන්ට වැඩ සොයාගත හැකි වනු ඇත.’’.

‘‘වර්තමානයේ ධනේශ්වර පංතියට එරෙහිවන සියළුම පංති අතුරින්, නිර්ධනීන්ගෙන් සැදුම්ලත් පංතිය පමණක් සැබෑ විප්ලවවාදී පංතිය වෙයි; අනෙකුත් පංති දූෂිත සහ දිරාපත් වන ඒවා වන අතර ඔවුන්ට කලින් තිබූ වරප‍්‍රසාද ලබා ගන්නට අවශ්‍ය වූ විට ප‍්‍රතිගාමී සහ ගතානුගතික තත්ත්වයට පත්වෙයි; ඔවුහු නිර්ධන පංති ජනතාව අතරට ඇද වැටුණු විට ඔවුන්ද නිර්ධන පංති අරගලයේ කොටසක් බවට පත් වෙති.’’

නිර්ධනීන්ට සමාජ නිෂ්පාදන බලවේග අත්පත් කර ගැනීමට හැකි එකම විධිය නම්, පවතින සමස්ත නිෂ්පාදන ක‍්‍රමවේදය අහෝසි කිරීමෙන් පමණි.

‘‘ඉතිහාසය, පංති අරගලයේ ඉතිහාසය බැවින් මෙම පංති අරගලය අඩු වැඩි වශයෙන් පවතින සමාජය විවෘත විප්ලවයකින් පුපුරුවා දමා ධනේශ්වර පංතිය ප‍්‍රචණ්ඩකාරී ලෙස පෙරලා දමා නිර්ධනීහු බලය අත්පත් කර ගන්නා මොහොත තෙක් පවතින සමාජයට කරදර කරන සැඟවුණු ‘සිවිල් යුද්ධයක්’ වේ.’’

කොමියුනිස්ට්වාදීන්ගේ අරමුණ පැහැදිලි සහ නිවැරදි එකකි: එය නිර්ධනීන් පංතියක් ලෙස නිර්මාණය කිරීම, ධනේශ්වර ආධිපත්‍යය පෙරලා දැමීම සහ නිර්ධන පංතිය විසින් දේශපාලන බලය දිනා ගැනීම වේ.

කොමියුනිස්ට්වරුන්ගේ කාර්යභාරය නිත්‍ය සහ අත්හළ නොහැකි දෙයක් බවට කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින් ඉදිරිපත් කොට ඇත. ‘‘කම්කරු පංතියේ ක්ෂණික අරමුණු සහ අභිලාශයන් සාක්ෂාත් කර ගැනීමට අරගල කරන අතරේම, ඔවුහු නියෝජනය කරන ව්‍යාපාරයේ අනාගතය උදෙසාද එකම මොහොතේ අරගල කරති.’’ ඔවුහු ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය අතර ඇති ප‍්‍රතීඝතාවයන් පිළිබඳව කම්කරුවන් සංවිඥණිකව අවදි කිරීමට හැකි සෑම විටම කටයුතු කරති. එසේම දේශපාලනික තත්ත්වයන් යටතේ කම්කරුවන් ධනේශ්වර පංතියට එරෙහි ආයුධ බවට පත් කළ හැකිය.

‘‘සෑම තැනකම සිටින කොමියුනිස්ට්වරු පවතින සමාජ සහ දේශපාලනික තත්ත්වයන්ට එරෙහි සෑම විප්ලවීය ව්‍යාපාරයකටම සහය දිය යුතුය. එසේම මේ සෑම අරගලයකම ප‍්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ ගැටළුව මූලික ගැටළුවක් ලෙස මතු කළ යුතුය.’’

‘‘කොමියුනිස්ට්වාදීහු යනු කවුරුන්දැයි වෙන කවරදාටවත් වඩා මාක්ස් එංගල්ස් අපට උගන්වයි – කොමියුනිස්ට්වාදීහු – සිය මතය සහ අරමුණු සැඟවීම පිළිකෙව් කරන අතර සිය අරමුණු සාක්ෂාත් කර ගත හැක්කේ පවතින සමස්ත සමාජ ක‍්‍රමය ප‍්‍රචණ්ඩකාරී ලෙස පෙරලා දැමීමෙන් පමණක් බව ප‍්‍රකාශ කරති… මක්නිසාද යත් නිර්ධන පංතියට දෑතේ යදම් හැර නැතිවන්නට කිසිවක් නැත, දිනාගැනීමට ලෝකයක් ඇත.’’

ලෙනින්ගේ ඉගැන්වීම් අනුව අධිරාජ්‍යවාදය බවට පත් වන, මාක්ස් විසින් විශ්ලේෂණය කරන ලද ධනවාදය, ගැඹුරු ආර්ථික අර්බුද හරහා දිගටම ගමන් කරමින් එය ලෝකයේ ජනතාව සහ නිර්ධනීන් මතට පටවනු ලැබේ.

ඔවුහු ‘‘විසඳුම්’’ ගැන කථා කළද සිදුව තිබෙන එකම දෙය නම් ලාභය, ධනය සහ යුධඅවි සඳහා වන තරඟය වැඩි වීම පමණකි.

නිර්ධනීන් සහ පොදු ජනතාව වන අපට විරැකියාව, අස්ථීර බව, සූරාකෑම සහ වහල්භාවය, දුප්පත්කම, අමුද්‍රව්‍ය සහ බලශක්ති සම්පත් කොල්ලකෑම, පරිසරය සහ භූමිභාග විනාශ කිරීමට මුහුණ දෙන්නට සිදුවෙයි.

මේ තත්ත්වයට එරෙහිව, නිර්ධනීන් සහ පොදු ජනතාව අධිරාජ්‍යවාදී රටවල මෙන්ම අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරනු ලැබූ රටවල කැරලි ගසනු ලබයි.

ජනතාව වහල්භාවයට පත් කිරීමේ අභිලාශයෙන් අධිරාජ්‍යවාදය විසින් මර්ධනයට පත් කරන රටවල්වල අධිරාජ්‍යවාදී ධනේශ්වරය සහ පාලක පංතිය, නිර්ධන පංතියේ සහ පීඩිත ජනතාවගේ කැරලිවලට මර්ධනයෙන් සහ සමූලඝාතනවලින් පිළිතුරු දෙයි. රාජ්‍යයන් හැම විටම වඩ වඩාත් ප‍්‍රතික‍්‍රියාවන්ගෙන් සහ ෆැසිස්ට්වාදය අතරින් ගමන් කරනු ලැබේ.

විප්ලවය ප‍්‍රධාන ප‍්‍රවණතාවය බව තහවුරු කරමින් නිර්ධනීහු සහ ජනතාව ප‍්‍රතිරෝධය දක්වමින් සිය අරගල සහ මහජන යුද්ධ සංවර්ධනය කරති.

ධනේශ්වර අධිරාජ්‍යවාදීහු සහ ප‍්‍රතිගාමී රජයන් අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් තීව‍්‍ර කිරීම සඳහා වහල්භාවය ගෙන එන අතර බෙදීම සලකුණු කරන නව ලෝක යුද්ධයක ප‍්‍රවණතාවය පණ ගැන්වීමට වාණිජමය සහ තෙවන පාර්ශවීය යුද්ධ මුදා හරියි.

අධිරාජ්‍යවාදී යුද්ධවලට විරුද්ධ විය හැකි එකම ක‍්‍රමය නම් ඒවා විප්ලවකාරී සිවිල් යුද්ධ බවට පරිවර්තනය කිරීම සහ ජාත්‍යන්තර පරිමාණයෙන් මහජන යුද්ධ සංවර්ධනය කිරීමෙන් පමණකි.

සංශෝධනවාදීන් සහ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විසින් ලූහුබඳින මාවත වන, සංශෝධනවාදයේ මාවත, රජයන් සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් සමග සාමදාන වීමට සහ ඔවුන්ගේ සැලසුම් සාක්ෂාත් කර ගැනීමට, මහජන ව්‍යාපාර සහ කම්කරුවන් අතර විප්ලවීය මාවතට එරෙහිවෙයි.

ප‍්‍රතිසංස්කරණවාදයේ අර්බුදය හමුවේ, ජනතාව බෙදීමට කූට ප‍්‍රතිගාමී ජන නායකත්වයක් භාවිතා කරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංශෝධනවාදය, නව ජනතාවාදී පාර්ලිමේන්තු බලවේග, ජනතාව පාලක පංතියේ රථයන්ට ඇද ගනිමින් ධනේශ්වර පංතියේ සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් වල අභිලාශයන් ඉදිරියට ගෙනයයි. ජනතාවාදය, නව-නාසිවාදය සහ ෆැසිස්ට්වාදයට ඉන්ධන සපයනු ලබයි.

කොමියුනිස්ට්වාදීහු සහ අතිවිශාල නිර්ධන පංතිය ජනතාවගේ කැරලි විජයග‍්‍රාහී විප්ලවයන් කරා, අධිරාජ්‍යවාදය මගින් පෙලන රටවල්වල නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා සමාජවාදය දෙසට ගමන් කිරීමට, අධිරාජ්‍යවාදී රටවල්වල කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කරන සමාජවාදී සහ නිර්ධන පංති විප්ලවයන් බවට පත් කිරීමට වැඩ කළ යුතුය. ඒ ඒ රටවල විශේෂිත තත්ත්වයන්ට ආදේශ කළ මාක්ස්, ලෙනින් සහ මාඕගේ අදහස් මත පදනම් වූ කොමියුනිස්ට්වරු, නව සහ අව්‍යාජ විප්ලවීය කොමියුනිස්ට් පක්ෂ, සූරාකෑමට ලක්වන සියළු පීඩිත ජනතාව සහ නිර්ධනීන් විසින් මෙහෙයවනු ලබන එක්සත් පෙරමුණු, සටන් වදින බලඇණි සහ විප්ලවවාදී මහජන හමුදා බිහි කිරීම සහ සංවර්ධනය කිරීම සිදු කළ යුතුය.

ජනතාව සතුව මෙම ආයුධ පවතීනම් පමණක්, ඔවුන්ගේ වීරෝධාර සහ පරිත්‍යාගශීලී අරගලයට ජයගැනීමට හැකිවනු ඇත.

ලෝක පරිමාණයේදී, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධ තීරණාත්මක සහ අත්‍යවශ්‍ය උපායික දර්ශකයන් වේ.

ඉන්දියාවේ මහජන යුද්ධය, කෙලින්ම අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන අටල්ලකට සහ ලෝකය තුළ ප‍්‍රතික‍්‍රියාවකට බලපෑම් කරමින්, පිලිපීනය, පේරු, තුර්කි රාජ්‍යයන්වල මහජන යුද්ධ සමග බලසම්පන්න සමුද්දේශ ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත. අද ඔවුහු සුවිශේෂී ලෙස, නව සමාජයක් සහ නව බලයක් ඉදි කිරීම සඳහා සියළු ප‍්‍රතිගාමී බල ඇණිවල සහ අධිරාජ්‍යවාදයේ සූරාකෑම සහ මර්ධනය සහිත ක‍්‍රමයක් පෙරලා දමන ආකාරය පෙන්වා දෙයි.

මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වරු, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ශ්‍රේණීන් සංශෝධනවාදයෙන් සහ යටත්වීම්වාදී ප‍්‍රවණතාවයන්ගෙන් නිදහස් කරගෙන, එම විටම වඳ සුළු ධනේශ්වර විප්ලවවාදීත්වයට, පොතේගුරුවාදයට ඇද නොවැටී එක්සත්වීම සහ සිය එක්සත්වීම බලගැන්වීම සිදුකළ යුතුය.

බලය ලබා ගැනීම සඳහා වන අව්‍යාජ විප්ලවීය අරගලයක ක‍්‍රියාකාරීත්වයක් ලෙස, පංති අරගලයේ අග්නිය මැද ජනතාව සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පමණක් කොමියුනිස්ට් පක්ෂ ඉදිකිරීම සිදු කළ හැකිය.

කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දින සංවත්සරයේ දී මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය වූ කලී අපේ යුගයේ මාක්ස්වාදයයි!, හඬගා ප‍්‍රකාශ කළහ. එය සමස්ත ලෝකය පුරා සිටින කොමියුනිස්ට්වාදීන්ගේ සමගිය සඳහා වන මූලික පදනමයි.

‘‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!’’ යන ශ්‍රේෂ්ඨ සටන්පාඨය මාක්ස් විසින් ඉදිරිපත් කොට ඇත. එය නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ රතු ධජයයි. එය නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් ගොඩ නැගීම සඳහා වන ආයුධයයි.

කොමියුනිස්ට්වාදයේ අනාගතය අපගේ දෑත් මත රැඳී ඇත.

2018 මැයි 1

අත්සන් තබන ලද පක්ෂ සහ සංවිධාන
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව, ස්පාඤ්ඤ රාජ්‍යය
ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් මාඕවාදී පක්ෂය
නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය
නේපාල කොමියුනිස්ට් පක්ෂය (විප්ලවීය මාඕවාදී)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය, බි‍්‍රතාන්‍ය රාජ්‍යය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මනිපූර්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව
කොමියුනිස්ට් කම්කරු සංවිධානය – ටියුනීසියාව
ඛදෙහිනස් පක්ෂය – ටියුනීසියාව
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයය – කැනඩාව
කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) – කොලොම්බියාව
කම්කරු හඬ – මලයාසියාව
*ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)